Advertisement

වාසනාව කිව්වට භයානක ගහක් | The Lucky plant, it is a dangerous tree

වාසනාව  කිව්වට භයානක ගහක්  | The Lucky plant, it is a dangerous tree ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක වැවෙන මෙම 'ලකී ප්ලාන්ට්' ශාක විශේෂය ඩ්‍රසීනා ප්‍රභේදයකි. වැඩිදෙනකු අතර මෙය නිවසට වාසනාව රැගෙන එන ශාකයක් ලෙසටත් ප්‍රචලිත අතර චීන ෆෙන්ග්ෂුයි ක්‍රමයන්ට අනුකූලවද එවැනි විශ්වාසයන් පවතී. මෙහි වර්ග කීපයක්ම පැවතියත් ශ්‍රි ලංකාවෙහි නම් ඩ්‍රසීනා ප්රැග්රන්ස් මැසෙන්ජියානා නොහොත් ලකී ප්ලාන්ට් වඩාත් ජනප්‍රිය අතරම එය අපනයන සඳහා ද යොදා ගැනේ. සාමාන්‍යයෙන් මෙම ශාකය වැඩෙනුයේ යාන්තමින් සූර්ය රශ්මිය වැටෙන ස්ථානවලයි. ඉහත සඳහන් කළ පරිදි නිවසට වාසනාව කැඳවන බවට ඇති ව්ශ්වාසයන් හා එය සෙවණ ප්‍රිය කරන ශාකයක් යන කරුණු දෙක නිසාම බොහෝවිට එය නිවෙස් වල අභ්‍යන්තරයේ අලංකාරයට යොදාගනියි.

නමුත් දැනට අවුරුදු දෙකක පමණ සිට මෙතෙක් නිවෙස් වලට වාසනාව ගෙනෙනවායැයි කී ලකී ප්ලාන්ට් ශාකයම, නිවෙස් හිමියන්ට මාරාන්තිකවන බවට පවසමින් විවිධ පුවත් හා ඕපාදූප අන්තර්ජාලය පුරා වයිරල් ආකාරයට පැතිර ගියා. එයට ආසන්නතම හේතුවක් වූයේ පිළිකා කාරකයක් එහි අන්තර්ගත බවට මැලේසියානු වෛද්‍යවරයෙකු පැවසූ ප්‍රකාශයකි. එම පුවතට අනුව මැලේසියාවේ එක්තරා නිවෙසක සාමාජිකයින් සය දෙනෙකු වරින් වර මරණයට පත්ව ඇති අතර ඔවුන්ගේ වෛද්‍යවරයා විසින් නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබූ ලකී ප්ලාන්ට් වර්ගයේ පැළෑටියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි පිළිකා කාරකයක් අන්තර්ගත බව සොයාගත් බවක් පැවසීමයි.

The Lucky Plant species is a species of Dracina that grows in Sri Lanka and many Asian countries. It is also widely known as a home-grown plant and is believed to be in line with Chinese feng shui methods. Although there are several varieties, the Sri Lankan name Dracena Progress Messenger or Lucky Plant is the most popular and is also used for export. This plant usually grows in areas where there is little sunlight. As mentioned above, it is often used to decorate the interior of a home due to the belief that it is a good luck home and that it is a shade-loving plant.

But for nearly two years now, the Lucky Plant plant, which claims to bring good fortune to homes, has gone viral on the Internet, with various news and gossip claiming to be deadly to homeowners. One of the reasons for this was a Malaysian doctor's claim that it contained a carcinogen. According to the report, six members of a house in Malaysia have been killed from time to time, after their doctor inspected the house and found that it contained a carcinogen.

Lucky signs,Lucky plant,Plants in your home,Plants bring lucky,Lucky,Healthy plants,Prosperity,7 lucky plants,Lucky plants 219,Plants attractive money,Money,Money plants,Feng shui lucky plants,hiru news,ada derana,:know,Everything,Know everything,Knoweverything,Feng shui 219,Plants that bring good luck,Wealth,

Post a Comment

0 Comments